LTTE සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත යාපනයේදී දෙදෙනෙකු අත්අඩංගුවට

Spread the love





වෙබ් අඩවියක් සහ යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් LTTE සංවිධානය ප්‍රවර්ධනය කළ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය නාවලර් වීදිය ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකි.

මෙම පිරිස සතුව තිබූ ඩෙස්ක්ටොප් පරිගණක 05 ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 05 ක්, ත්‍රස්ත විමර්ශන අංශයේ භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

අදාල පුද්ගලයන් දෙදෙනා සහ පරිගනක යන්ත්‍ර මේ වනවිට කොළඹට රැගෙන එමින් තිබෙන බවද වාර්තා වේ.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *