නායකයින් නැති කමේ අර්බුදය

වික්ටර් අයිවන් මට පෙනෙන අකාරයට ලංකාව ලොකු විනාශයක් කරා තල්ලුවී යාම නොවැලැක් විය හැකිය.ලංකාව එ වැනි…

වරාය නගර පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍යයි

ජයම්පති වික්‍රමරත්න  කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මුළු රටම අලුත් අවුරුදු උළෙලට සූදානම් වන අවස්ථාවේය. පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූල භාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කල යුතු සතියක කාලය තුල සති අන්තයක් සහ රජයේ නිවාඩු දින තුනක් තිබීම හේතුවෙන්, උසාවි නිවාඩු කාලය ගත කරමින් සිටි නීතිඥවරුන් සොයා ගෙන එසේ කිරීමට පුරවැසියන්ට තිබුනේ දින දෙකක් පමණි. මෙය සිතා මතා කල දෙයක් ද විය හැක. පනත් කෙටුම්පත අධ්‍යයනය කර එහි හොඳ නරක සාකච්ඡා කිරීමට නිසි කාලයක් නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද කනස්සල්ල පල කොට ඇත. විශේෂ ආර්ථික කලාප ලොව පුරා බොහෝ දක්නට ලැබේ. ඒවා සාදා ඇත්තේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන ගෙන්වා ගැනීමටය. ආයෝජකයන්ට නොයෙකුත් සහන ලැබෙන බැවින් ඔවුන්ගේ නිෂ්පාදන ලෝක වෙළඳ පොලේ ඉතා තරඟකාරී වේ. එසේම එවැනි කලාප වල අයහපත් ලක්ෂණද දක්නට ලැබේ. එහෙත් මෙම ලිපියේ අරමුණ වන්නේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සාකච්ඡා කිරීම පමණි. අධිබලැතිකොමිෂන්සභාවක් කොළඹ වරාය නගරයේ පරිපාලනය, නියාමනය සහ එය තුල සහ එය තුල සිට පිටතට කෙරන ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් වලට අදාළ සියලු කාරණා පාලනය කිරීම සඳහා අධි බලැති කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබේ. වරාය නගර ප්‍රදේශය තුල ඇති ඉඩම් බදු දීමට මෙන්ම එය තුල ඇති මහල් නිවාස පැවරීමටද එයට බලය ඇත. ‘තනි කවුළුවක්’ ලෙස ක්‍රියා කරමින් නගරය තුල ඒකීය ආයෝජන පහසුකම් සපයන්නා ලෙස එය කටයුතු කරයි. කොමිසම වෙනත් ඕනෑම පනතක් යටතේ ඇති නියාමන අධිකාරියක බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කරන අතර සෑම නියාමන අධිකාරියක්ම කොමිසම ඉල්ලා සිටින කාරණයන් හට ප්‍රමුඛත්වය දී ඒ පිලිබඳ තම එකඟත්වය දීම අනිවාර්ය වේ. මේ අනුව එම නියාමන අධිකාරි වලට ඇති අභිමතයන් සහ බලතල ඉවත් වේ. එසේ කිරීම අත්තනෝමතික වන අතර ව්‍යවස්‌ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ රැකවරණයේ සර්ව සාධාරණත්වය උල්ලංඝනය වේ. නාගරික සංවර්ධන අධිකාරියෙහි පාලක සභාවේ සාමාජිකයින් මෙන් වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් පස් දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වීම අනිවාර්ය නැත. වෙනත් රටවලට බැඳීම් ඇති පුද්ගලයින්ට මෙතරම් සුපිරි බලතල දීම අපගේ ව්‍යවස්ථාවේ පළමුවන වගන්තියෙන් සහතික කර ඇති ශ්‍රී ලංකාවේ නිදහස, සෛවරීභාවය සහ ස්වාධීනත්වය  උල්ලංඝනය නොවන්නේදැයි යන්න නැගෙන ප්‍රශ්නයකි. එසේම එයින් 2 හා 3 වගන්ති වලින් සහතික වන ජනතාවගේ පරමාධිපත්‍යයද උල්ලංඝනය වේ. ශ්‍රීලාංකිකයන්ටවෙනස්ලෙසසැලකීම කෙටුම් පතේ 26 වන වගන්තිය යටතේ වරාය නගරය තුල ව්‍යාපාර කල හැක්කේ කොමිසමේ අවසර ලැබූ අයට පමණි. 27 වන වගන්තිය අනුව සියලු ආයෝජන විදේශ විනිමය වලින් පමණක් විය යුතුය. ඊටත් වඩා නරක වන්නේ ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කර ඇති විදේශ විනිමය පවා ආයෝජනය සඳහා පාවිච්චි කිරීමට නොහැකි වීමය. මේ අනුව ශ්‍රී ලාංකිකයින්ට රුපියල් පමණක් නොව නීත්‍යානුකූලව ශ්‍රී ලංකාව තුල ගිනුමක ඇති විදේශ විනිමය පවා වරාය නගරය තුල ආයෝජනය කල නොහැක. මෙම ප්‍රතිපාදන පැහැදිලි ලෙසම අත්තනෝමතික මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට වෙනස් ලෙස සලකන ඒවා බැවින් එමගින් ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මකතාවය  ඔවුනට නොලැබේ. එසේම 14(1)(උ) වගන්තියෙන් සහතික කර ඇති වෙළඳ ව්යාපාර සහ ව්‍යවසායක නියුක්තිවීමේ නිදහසද අහිමි වේ. යෝජිත 35 වන වගන්තිය යටතේ වාසික හෝ නිර්වාසික තැනැත්තෙකු වරාය නගරයේ සේවයේ යෙදූ විට ඔහුට ගෙවීම් කල යුත්තේ ශ්‍රී ලංකා රුපියල් හැර වෙනත් නම් කරන ලද විදේශ මුදල් වලින් පමණි. එම ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස්ය. 36 වන වගන්තිය අනුව වරාය නගරය තුල ලබා ගන්නා ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල් වලට හැරවිය හැක.  ශ්‍රී ලාංකිකයන්ට නගරය තුල භාණ්ඩ, සේවා සහ පහසුකම් සඳහා රුපියල් වලින් ගෙවීම් කල හැකි නමුත් මිලදී ගත් භාණ්ඩ වරාය නගරයෙන් පිටතට ගෙන යන විට බද්දක් ගෙවිය යුතු යයි 40 වන වගන්තියෙන් කියවේ. එනම් වෙනත් රටකට ගොස් එන විට ගෙන එන භාණ්ඩවලට ගෙවන රේගු බදු වැනිය! මෙම සීමා සාධාරණය කිරීමට, සමහර මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන් ඉඩ දෙන “ජාතික ආර්ථිකය” යන්න මන්තරයක් මෙන් ජපකරනු පනත් කෙටුම් පත පුරා දක්නට ලැබේ. එසේ ජප කිරීමෙන් පමනක් එවැනි සීමා දැමිය නොහැක. 1978 දී 1972 ව්‍යවස්ථාව යටතේ මහ කොළඹ ආර්ථික කොමිසම් සභාව පිහිටුවීමට් අදාළ පනත් කෙටුම් පතේ යෝජනා කර සිටියේ විශේෂයෙන්ම කම්කරු පන්තියට ආරක්ෂාවන් සපයන අණ පනත් ගණනාවක්  නිදහස් වෙළඳ කලාපය තුල ක්‍රියාත්මක නොවන බවය. එම පනත් කෙටුම්පතට විරුද්ධව ලංකා කම්කරු සම්මේලනය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පෙනී සිටියේය. මෙම ලියුම්කරුද පනත් කෙටුම් පත අභියෝගයට ලක් කළේය. එවකට තිබූ ව්‍යවස්ථා අධිකරණය තීරණය කලේ එසේ සමහර අණ පනත් අදාළ නොකිරීම සමානතා වගන්තියට පටහැනි බැවින් 2/3 වැඩි චන්දයකින් සම්මත කල යුතු බවය. තමන්ට 5/6ක බලයක් තිබුනද, ජේ. ආර්. ජයවර්ධන එදා එම අණ පනත් අදාල නොකරෙන වගන්ති පනතින් ඉවත් කළේය.…

දප්පුලගේ සමයං සමග සාලි අත්අඩංගුවට ගැනීම ගෝඨාණ්ඩුවට ‘බැක් ෆයර්’ වූ හැටි..!

හිටපු බුද්ධි නිලධාරී කීර්ති රත්නායක අසාත් සාලි අත් අඩංගුවට ගෙන සති 2 ක් ඉක්ම ගොස් ඇත. …

කැබිනට් ඇමති රාජ්‍ය ඇමැති කඹ ඇදිල්ලත්, අපූරු මිලිටරි කාරයාත් නිසා නරා වලට වැටුනු ‘නාරා’..!

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි “නාරා” ආයතනය කොළඹ 15,…