හෙරොයින් සමග ඉන්දීය මුහුදේදී කොටුවුණු ශ්‍රී ලාංකික යාත්‍රාවල තිබුණු ගිනිඅවි ගෙන්වූයේ කවුද, කාටද ?

Spread the love





හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300කුත් ගිනිඅවි සහ උණ්ඩ තොගයකුත් සමග පසුගිය මාර්තු 18 වනදා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යාත්‍රාව සම්බන්ධ වැඩි විස්තර ඉන්දීය මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබේ. 

“රවි හංසි” නම් අදාළ ධීවර යාත්‍රාවෙහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300 යි ග්‍රෑම් 323ක් හමුවී ඇති අතර ඒවායෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3000ක් බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ. 

ඊට අමතරව මෙම යාත්‍රාවෙහි තිබී AK 47 වර්ගයේ ගිනිඅවි 5ක් සහ 9mm උණ්ඩ 1000ක් හමුවී තිබිණි. මෙම ධීවර යාත්‍රාව සමගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනා ඉන්දීය අධිකරණය හමුවට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

මීට පෙර මාර්තු 08 වනදාත් හෙරොයින් කිලෝ 200ක් සහ හෂීස් කිලෝ 60ක් සමග ශ්‍රී ලාංකික බෝට්ටු තුනක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. 

පසුගිය වසරේ නොවැම්බර් 25 වනදාත් මේ ආකාරයෙන් හෙරොයින් කිලෝ 100ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් ඉන්දීය ඉන්දීය වෙරළාරක්ෂක බලකායට කොටුවී තිබුණු අතර එහි තිබී 9mm පිස්තෝල 5ක් හමුවී තිබුණු බව සඳහන්. 

ඒ අනුව හෙරොයින් ජාවාරම සමගම ජාත්‍යන්තර ගිනිඅවි ජාවාරමකුත් ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන්නේද, එසේ නොමැති නම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කිසියම් සංවිධානයක් විසින් මෙසේ ගිනිඅවි රැස් කරමින් සිටින්නේද යන ප්‍රශ්නය මතුවේ. මෙය පැහැදිලිවම බරපතළ තත්වයකි. 

RN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *