හැමදාම අපිත් එක්ක හිටපු අපේ මිත්‍ර රටවල්වලට පවා වත්මන් පාලනයේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්නයක් ජිනීවාවලදි පෙනුනෙ ඒ තත්ත්වය

Spread the love





අතීතයේ පටන් විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට සහාය දුන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි මිත්‍ර රටවල් බහුතරයක් අප විසින්ම අහිමි කරගෙන ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පසුගිය 23 වැනිදා ජීනීවාහිදී පෙන්නුම් කළේ එම තත්වය බවයි ජයසූරිය මහතා පවසන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී මානව හිමිකම් කවුන්සිලය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලදී බහුතරයේ විශ්වාසය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බවත් එදා අපට සහාය දුන් බහුතරයක් රටවල් අද සහාය ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවයි කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ.

මේ සඳහා එක් පැත්තකින් වත්මන් රජය අනුගමනය කරන ප්‍රතිපත්ති හා ක්‍රියාකාරීත්වය හේතු වූ බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී 20 වැනි සංශෝධනය ඉන් මූලික ගැටලුව බවයි. වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා ඡන්දය ලබාදුන් බහුතරයකගේ පවා එකඟතාවය නොමැතිව සම්මත කරගත් 20 වැනි සංශෝධනය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රට දුර්වල වී ඇති බවත්, ජීනීවා යෝජනාවලදී මේ පිළිබඳව පැහැදිලිවම සඳහන් කර තිබූ බවත් ජයසූරිය මහතා පවසනවා.

අනෙක් පැත්තෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ආණ්ඩුව සහ විදේශ සේවයේ නිරත නිළධාරීන්ගේ අසමත්භාවද ජිනීවා පරාජයට හේතු වූ බව ජයසූරිය මහතා පවසනවා. මීට පෙර ඉදිරිපත් වූ ජිනීවා යෝජනාවලදී එදා සිටි කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයන්, අදටත් වඩා අවාසිදායක තත්වයන් තුළ පවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් බහුතරයක විශ්වාසය දිනා ගැනීමට සමත් වූ බවයි ඔහු පවසන්නේ.

සාධාරණ සාමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *