සෞභාග්‍යයේ දැක්මෙන් සුහුරුබස් නැවතුම් පොළවල් 3000ක්!

Spread the love





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය මත සුහුරුබස් නැවතුමපලවල් 3000ක් රටපුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළමු බස් නැවතුම්පල අද (25) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන්  රාජගිරිය HSBC බැංකුව අසලින් විවෘත විය. 

මෙහි සුවිශේෂීත්වය ලෙස එහි සිටින මගීන්ට රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණයක්, නොමිලේ වයිෆයි පහසුකම්, ජංගම දුරකථන බැටරි ආරෝපණය කර ගැනීමේ පහසුකම්, එස්.බී.එස් රූපවාහිනී විකාශන, පරිසර හිතකාමී ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය හා පැය 24 පුරා සී.සි.ටී.වී ආරක්ෂාව ඇතුළු තවත් පහසුකම් රැසකින් මෙම සුහුරු බස් නැවතුම්පොල සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගම විසින් මෙයෙවනු ලබයි.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ, අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගමේ සභාපති කැලුම් ජයසුමන එහි සාමාන්‍යාධිකාරී අභීත එදිසිරිසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *