සහන මල්ල තමයි අලුත් අවුරුද්දට දෙන්න පුලුවන් උපරිම දේ

Spread the love





 

අවුරුදු සමයේදී ජනතාවට සහන සැළසීමේ අරමුණින් රුපියල් 1000 ක සහන මල්ලක් ලබාදීමට තීරණය කර ඇති බවත් මෙම සහන මල්ලට අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ක් අඩංගු වී ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මෙම භාණ්ඩ තොගය සාමාන්‍ය වෙළඳපොලෙන් මිලදී ගන්නේ නම් පාරිභෝගිකන්ට රුපියල් 410 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

 

‍මෙම සහන මල්ල දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් මගින් මිලදී ගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

 

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රටේ පවතින වර්තමාන තත්වය හමුවේ මෙය උත්සව සමයේදී ජනතා වෙනුවන් රජයට ලබාදිය හැකි උපරිම සහනය බවයි. වත්මන් රජය බලයට පත් වූ පළමු අවස්ථාවේ සිටම අර්බුද ගණනාවකට මුහුණදී සිටින බැවින් මෙවැනි සහනයක් හෝ ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් ජනතාව සතුටු විය හැකි බවයි.

 

පසුගිය කාලයේදී කහ ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට කටයුතු කළ අවස්ථාවේදී ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වූ නමුත් මේ වනවිට දේශීය කහ ගොවියාගේ කහ අස්වැන්න වෙළඳපොලට පැමිණ ඇති බැවින් රජයේ කහ ආනයන තහනම සාර්ථක වී ඇති බවද වෙළඳ අමාත්‍යවරයා පවසනවා.

 

දැනට ක්‍රියාත්මක මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග ආනයන තහනමද එවැනි ආකාරයෙන්ම අනාගතයේදී රටට සුභදායක වනු ඇතැයිද ඇමතිවරයා පවසනවා.

 

UN


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *