රන්ජන්ගේ පෙත්සම ගැන තීන්දුව 05 වැනිදාට කල් යයි

Spread the love





තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා විසින් ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් 05 වැනිදා දක්වා කල්තබා තිබෙනවා. මීට පෙර අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබුණේ අද (31) දිනයේදී එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.

අභියාචනාධිකරණ සභාපති අර්ජුන ඔ‍බේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් අතර විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළේ පෙත්සමේ තීන්දුව තවමත් සකස් කර නොමැති හෙයින් එය 05 වැනිදා දක්වා කල්තබන බවයි.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඬුවමක් නියම කෙරිණි. ඔහු සිදුකර ඇති වරදේ ස්වභාවය සහ ලබාදුන් දඬුවම අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ නොහැකි බවට නීති තර්ක මතුව ඇති අතර ඒ අනුව රන්ජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබේ.

UN


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *