මේ ආණ්ඩුව බුදු සසුන බැබලේවා කියලා ගහගෙන දඩමස් අදින ලොරියක් වගේ

Spread the love





වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ මිථ්‍යාව වපුරවා, බොරු පොරොන්දු ලබා දෙමින්, ආගම ජාතිය පවා විකුණමින් බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසනවා. එසේම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ අමනෝඥ සහ අදූර්දර්ශී ක්‍රියාකලාපය මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසාර්ථකත්වය වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ප්‍රබල සාධකයක් වූ බවද මහාචාර්යවරයා පවසනවා.

රට, ජාතිය, ආගම සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල භීතියක් ජනතාව තුළ පැතිරවූ බවත්, භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කරනවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම පිළිබඳව දේශනා කළ බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් වසර එකහමාරක් යාමට මත්තෙන් ආණ්ඩුව බලයට පත් කිරීමට මැදිහත් වූ භික්ෂූණ් වහන්සේලා පවා අද ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන බවද සරත් විජේසූරිය මහතා පවසනවා.

ආණ්ඩුව බුදුසසුන බැබලේවා යනුවෙන් ඉදිරිපස ගසාගෙන දඩමස් ප්‍රවාහනය කරන ලොරි රථයක් වැනි බවයි විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට, බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන් දඬුවම් කරන බවට ලබාදුන් පොරොන්දුව ඇතුළු පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවද ඔහු පවසනවා.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *