පොහොට්ටුවේ කෙණෙහිලිකම් : තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ

Spread the love





ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන කෙණෙහිලිකම් තවමත් පවතින බවත් ඒවායෙහි අඩුවක් හෝ සිදුව නොමැති බවත් ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 

එසේවෙතත් පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමේ අදහසක් තමන්ට නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

“ඔයාලට වෙනම යන්නමද ඕනෙ ? නෑ ඉතිං ඒක අපි හදපු ආණ්ඩුවෙ අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ. ඉතිං අපි බලන්නෙ සන්ධානයක් විදියට ඉදිරියටත් වැඩ කටයුතු ටික කරගෙන යන්න. හැබැයි ඒකෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසියක් වෙන කිසිදු තීරණයක් අපි ගන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. 

තාම දන්නෙ නෑ. කෙණෙහිලිකම් තාම තියෙනවා. ඒවා අඩු නෑ. නමුත් මැතිවරණයකට ඉල්ලීමේදී අපි බලනවා පක්ෂය විදියට පක්ෂයේ ශක්තිය ආරක්ෂා කරගන්න පුළුවන් වැඩපිළිවෙලකට ඉදිරියට යන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පස්වරුවේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

RN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *