පොල්තෙල් ගෙදරම හදාගන්න – පිළිකාකාරක පොල්තෙල් ප්‍රශ්නයට පාදෙනියගෙන් ක්ෂණික විසඳුම් !

Spread the love





මෙරට වෙළඳපො‍ලේ අලෙවියට තබා ඇති පොල්තෙල්වලින් 75% කට වැඩි ප්‍රමාණයක තිබෙන්නේ පොල්තෙල් නොවන වෙනත් තෙල් වර්ග, වෙනත් අපද්‍රව්‍ය හා ශරීරයට අහිතකර විෂ රසායන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසනවා. වෙළඳපොලෙන් මිලදී ගන්නා පොල්තෙල් නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් තිබෙන බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ එම පොල්තෙල් භාවිතයෙන් ජනතාව වහාම වැළකිය යුතු බවයි.

ඒ වෙනුවට නිවසේ භාවිතයට අවශ්‍ය පොල්තෙල් නිවසේදීම සකස් කර ගන්නා ලෙස පාදෙනිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොල්තෙල් භාවිතයෙන් ජනතාව ඈත් කර වෙනත් තෙල්වර්ගවලට හුරු කිරීම සඳහා පසුගිය කාලයේදී දැවැන්ත සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බවත්, පොල්තෙල් ශරීරයට නුසුදුසු බවට ඔවුන් දැවැන්ත ප්‍රචාරයක් ගෙනගිය බවත් ඔහු පවසනවා. බටහිර දියුණු රටවල් බහුතරයක් පොල්තෙල් භාවිතයේ වැදගත්මක අවබෝධ කරගෙන සිටින නමුත් මෙරට ජනතාව තවමත් එය නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

‍පොල්තෙල් ඇතුළු ආහාරද්‍රව්‍ය හරහා විවිධ විෂ රසායන ශරීරගතවීම වැළැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් යෝජනා 04 ක් ඉදිරපත් කර තිබෙනවා.

01. පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳපොලට නිකුත් කරන ආහාරයක නිෂ්පාදනය ආරම්භයේ සිට අවසානය දක්වා දත්ත ඇතුළත් වාර්තාවක් නිෂ්පාදකයා විසින් ඉදිරිපත් කළ යුතුය.
02. ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයට පැවරෙන ආකාරයේ නීති සංශෝධනය විය යුතුය.
03. ආහාර සම්බන්ධයෙන් උසාවියක් බිහිකළ යුතුය.
04. රාජ්‍ය සේවයේ නියුතු නිළධාරියෙක් තම සේවා කාලය තුළ හෝ විශ්‍රාම ගෙන වසර 05 ක් ඉක්මවන තෙක් නිෂ්පාදන සමාගම් සමග සබඳතා පැවැත්වීම නීතියෙන් වරදක් බවට පත්කළ යුතුය.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: