පාස්කු වාර්තාවෙන් මා ගැන කර ඇති නිර්දේශය ක්‍රියාත්මක කරන්න

Spread the love





පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් තමන් ගැන ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා ඊයේ (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය. 

“මම ඇමති කාලෙදි මගෙ අමාත්‍යාංශය යටතේ තිබුණා කාර්මික සංවර්ධන මණ්ඩලය. ඒ ආයතනය 300කට වැඩි කර්මාන්තශාලා වලට අමුද්‍රව්‍ය ලබාදීලා තිබුණා. ඒ 300කට වැඩි කර්මාන්තශාලා වලින් එක ආයතනයක් තමයි කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. එක බෝම්බකාරයෙක් ඒකෙ අයිතිකාරයා වෙලා තිබුණා. ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණයක් පවත්වන්න කියලාත් ඒ අදාළ පරීක්ෂණය අල්ලස් කොමිසමට බාරදෙන්න කියලාත් පාස්කු කොමිසමේ වාර්තාවෙන් කියලා තියෙනවා. 

මේ චෝදනාව විතරයි මං ගැන කියලා තියෙන්නෙ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඒ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒ පරීක්ෂණ කරනකොට ඇත්ත එළිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව දරණ අදහස ගැන මාධ්‍යවේදියකු එහිදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ “සමහර දේවල් වලට එකඟ වෙන්න බෑ, නමුත් 90%ක් එකඟ වෙන්න පුළුවන් දේවල් තියෙනවා” යනුවෙනි. 

RN


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *