පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනය ගැන අනුර පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි (Video)

Spread the love





පාස්කු ප්‍රහාරය හුදෙක් ත්‍රස්ත ප්‍රහාරයක් පමණක් නොව එය දේශපාලන ප්‍රහාරයක් බව පාස්කු ප්‍රහාරයට පෙර හා පසු සිදු වූ සිදුවීම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් තේරුම් ගත හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සහරාන් ඇතුළු කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ, සමාජ මාධ්‍ය පවා භාවිතා කරමින් අන්තවාදී අදහස් පැතිරවූ බවත් ඒ පිළිබඳව එවකට පැවති පාලකයන් නිසි අවධානය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවද අනුර දිසානායක මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් යහපාලනය රජයේ සියලු දෙනා වගකිව යුතු බවත්, අද කුමන පාර්ශ්වයක් නියෝජනය කළද ඔවුන්ට එම වගකීමෙන් මිදිය නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවත් එම ප්‍රහාරය පිටුපස වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සිටි බවත් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දුන් කිහිප දෙනෙකුම සෘජුව හෝ වක්‍රව හෙලිදරව් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු නොකිරීම බරපතල අඩුපාඩුවක් බවත් අනුර දිසානායක මහතා පවසනවා.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: