පසුගිය වසරේ වී අතිරික්තයක් – ඒත් වෙළඳපොලේ සහල් නෑ

Spread the love





පසුගිය 2020 වසරේදී මෙරට තුළ වී අතිරික්තයක් තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් තහවුරු වන බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ජයන්ත සේනානායක මහතා පවසනවා. ඔහු පුවත්පතකට සපයා තිබෙන ලිපියක මේ බව සඳහන් වේ.

ජයන්ත සේනානායක මහතාට අනුව මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියනයකි. එක් පුද්ගලයෙකු වාර්ෂිකව පරිභෝජනය කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 107 කි.

පසුගිය වසරේදී ලැබුණු වී අස්වැන්න අනුව එම ප්‍රමාණය මෙම වසරේ මැයි මාසය දක්වා මෙරට සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් වේ. ‍එසේ තිබියදී රටපුරා සහල් හිගයක් ඇතිවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා.

එසේම තවමත් වෙළඳපොලට පැමිණෙන්නේ පසුගිය වසරේදී අඩු මිලට මෝල් හිමියන් විසින් මිලදී ගත් වී තොග වන හෙයින් මෙතරම් මිල ඉහළ යෑමක් සිදුවිය නොහැකිය. ඒ අනුව සහල් ‍තොග සඟවා කෘත්‍රිම සහල් හිගයක් ඇතිකර ඒ හරහා මිල ඉහළ දැමීමේ සහ අසාධාරණ ලෙස පාරිභෝගිකයා සූරාකෑමේ සහල් මාෆියාවක් ක්‍රියාත්මක බව පැහැදිලිය.

මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි සහල් වෙළඳපොල මෙහෙයවන බව රහසක් නොවන අතර කෙසේ නමුත් පසුගිය කාලයේදී ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළේ සහල් මාෆියාකරුවන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ නොතබන බවයි. කෙසේ නමුත් මාස කිහිපයක සිට දැවැන්ත සහල් හිගයක් පවතින අතර දිනෙන් දිනම සහල් මිල ඉහළ යමින් පවතී. 

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *