දින 83 ට වන අලි මරණ 83 ක් !

Spread the love





වසරේ මේ දක්වා ගත වී ඇති දින 83 ක කාලය තුළදී වන අලි 83 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය පවසනවා. ඒ අනුව දිනකට එක බැගින් වන අලින්ගේ ජීවිත රටට අහිමි වී තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂ දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේ අමාත්‍යංශය ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසිනි.

විදුලි සැර වැදීම, වෙඩි තැබීම, හක්කපටස්, දුම්රිය අනතුරු හා ස්වභාවික හේතූන් නිසා මෙම වන අලි මරණ සිදුව තිබෙනවා. කෙසේ නමුත් බහුතරයක් වන අලි මරණවලට හේතු වී තිබෙන්නේ අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් වේ. මෙම කාලසීමාව තුළ විදුලි සැර, හක්කපටස් වැනි සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති වනඅලි ප්‍රමාණය 50 කි.

අලි-මිනිස් ගැටුම් හේතුවෙන් සැළකිය යුතු වන අලි ප්‍රමාණයක් අහිමි වන බවත්, එය අවම කිරීම සඳහා විශේෂ ව්‍යපෘති කිහිපයක් දියත් කිරීමට තීරණය කර තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

පසුගිය වසරේ පළමු මාස තුන තුළදී අහිමි වී ඇති වනඅලි ප්‍රමාණය 76 ක් වන අතර මෙම වසරේදී දැනටමත් එම ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: