දඹුල්ලේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනකරුවන් පෙන්නූ කරුණු හැකි නම් ඔප්පු කරන්න

Spread the love





පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුව නොමැති බවත් දඹුල්ලේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනකරුවන් පැවසූ කරුණු හැකි නම් ඔප්පු කිරීමට ඔවුන්ට දැන් වුවත් අයිතියක් පවතින බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර නියාමන අංශය විසින් තමයි මේ ආනයනය කරපු පොල්තෙල් තොගයක පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු බව මුලින්ම දැනුම් දුන්නෙ. ප්‍රමිති ආයතනයත් එවැනිම දැනුම් දීමක් මාර්තු 04 වෙනිදා රේගු අධ්‍යක්ෂ ජනරාල්ට දීලා තියෙනවා. නැවත එවපු රටවල්වලට යවන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නෙ. කිසිවිටෙකත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේවා වෙළඳපොලට නිකුත් කරන්න මොනම අවසරයක්වත් දීලා නෑ. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් කිසිම අවස්ථාවක ඒ පොල්තෙල් තොගය නිකුත් කරන්න ක්‍රියා කරලා නෑ. 

මේක පමා වුණේ දෙවැනි පරීක්ෂණය කරන්න කියලා ඉල්ලා සිටපු නිසා තමයි ඒ පොල්තෙල් තොගය රේගුව විසින් ඔවුන්ගෙ ගබඩාවලට මුදාහැරලා තිබුණෙ, වෙළඳපොලට නෙවෙයි. රේගුව දෙවැනි දැනුම් දීමත් කරලා තියෙනවා ඒක වෙළඳපොලට නිකුත් වෙලා නෑ. ඒ අතර පාරිභෝගික අධිකාරිය වෙළඳපොලේ දැනට පවතින පොල්තෙල් සාම්පල් ලබාගෙන ඒවාත් පරීක්ෂාවට ලක්කරනවා. 

දඹුල්ලෙ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනකරුවන් පෙන්නූ කරුණු ඔප්පු කරන්න පුළුවන් නම් අද වුණත් ඔවුන්ට අයිතියක් තියෙනවා. කරුණු පෙන්වාදීම ගැන ස්තූතිවන්ත වෙන ගමන්ම කියන්නෙ, ඔවුන්ට දැන් වුණත් ඕනෑම පරීක්ෂණයක් කරලා ඒවා ඔප්පු කරන්න අයිතියක් තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *