ටොම් මූඩි වැඩ අරඹයි – ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගෙන යෑමට සූදානම් !

Spread the love





දැවැන්ත පසුබෑමක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගොස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යක්ෂ ටොම් මූඩි මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔහුගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

අනාගත ගමන ආරම්භ කිරීමට පෙර දැනට පවතින තත්වය සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකළ යුතු බවත්, ඒ අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ සැළකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවත් ටොම් මූඩි මහතා වැඩිදුරටත් පවසනවා.

ඔහු වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින අතර එම කාලය තුළදී ඔහු වසරකට අවම දින 100 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කැපකළ යුතුය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතාද සහභාගි වූ අතර ඔහු සඳහන් කළේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් සඳහා අලුත් වගන්ති ඇතුළත් කිරීමට නියමිත බවයි. ඒ අනුව ක්‍රීඩකයන් දක්වන දක්ෂතා මත පදනම්ව ගෙවීම් ක්‍රමවේදයක් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු පවසන්නේ.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *