ජිනීවා යෝජනාවල භයානකකම ගැන සැප්තැම්බර් වෙද්දි ආණ්ඩුවට තේරෙයි

Spread the love





ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ඉතා භයානක යෝජනාවක් බවත් කෙසේ නමුත් එහි භයානක තත්වය රජය හෝ විදේශ කටයුතු අමාත්‍යංශය අවබෝධ කරගෙන නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. විදේශ ඇමතිවරයා රූකඩයක් බවට පත්ව තිබෙන පසුබිමක, කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන හෙංචයියන් විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ රාජ්‍යතාන්ත්‍රික‍ සේවාවල වගකිව යුතු තනතුරු දරන පසුබිමක එය පුදුම වියයුතු කරුණක් නොවන බවද මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේ නමුත් ලබන සැප්තැම්බර් මාසය වනවිට එහි භයානකකම ගැන සියලු දෙනාට අවබෝධ වනු ඇති බවයි චම්පික රණවක මහතා අවධාරණය කරන්නේ. ඔහු මේ බව සඳහන් කළේ අද (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හෝ ලෝක දේශපාලනය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයෙකු බව පෙන්වා දෙන චම්පික රණවක මහතා පවසන්නේ ඔහු අද ඇමතිවරයාටත් ඉහළින් සිටිමින් අමාත්‍යංශය පාලනය කරන බවයි. දිනේෂ් ගුණවර්ධන මහතා යනු ඔහුගේ වුවමනාව අනුව නැටවෙන රූකඩයක් පමණක් බවද රණවක මහතා සඳහන් කරනවා.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: