චීන සිනොෆාම් එන්නත දෙන අය ගැන තාම තීරණයක් නෑ

Spread the love





චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් එන්නත පළමුව ලබාදෙන්නේ මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එම එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන‍ නොමැති බවයි සමරවීර මහතා පවසන්නේ.

සිනොෆාම් එන්නත ලබාදීම වඩාත් සුදුසු වයස් කාණ්ඩය පිළිබඳ තීරණය කිරීම විශේෂඥ කමිටුවකට පවරා ඇති බවත් එම කමිටුව ලබාදෙන නිර්දේශ සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ නමුත් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට, ගර්භනී කාන්තාවන්ට සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සිනොෆාම් එන්නත ලබා නොදීමට දැනටමත් තීරණය කර ඇති බවද සුදත් සමරවීර මහතා පවසනවා.

UN


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *