චීන සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ලබන බදාදා දිවයිනට

Spread the love





කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිපදවා ඇති සිනොෆොම් එන්නත ලබන බදාදා වනවිට මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව එම එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් ලැබීමට නියමිත වේ.

මාත්‍රා ලක්ෂ 03 ක් ලබාදීමට චීන බළධාරීන් මුලින් එකඟතාවය පළකර තිබූ අතර කෙසේ නමුත් මේ වනවිට මාත්‍රා ලක්ෂ 06 ක් ලබාදීමට චීනය කැමැත්ත පළකර තිබෙනවා.

මෙම එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින එන්නතක් බැවින් එය මෙරට ජනතාවට ලබාදීම අනතුරුදායක බවට පාර්ශ්ව කිහිපයක් පෙන්වා දී තිබෙනවා. කෙසේ නමුත් හදිසි භාවිතය සඳහා මෙම එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. පළමු වටයේදී මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් සිනොෆාම් එන්නත ලබාදෙන බවයි සෞඛ්‍ය බළධාරීන් මීට ඉහතදී ප්‍රකාශ කළේ.

මෙම එන්නත මේ වනවිට ලෝකයේ චීනයට හිතවත් රටවල් සැළකිය යුතු ප්‍රමාණයක භාවිතයට අනුමැතිය ලබා දී තිබේ.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *