චීන ක්‍රමවේදය කියන්නේ ලොක්කාව සල්ලිවලට ගන්නවා, පොඩ්ඩො ටික නිකම්ම යනවා

Spread the love





අල්ලසින් හා දූෂණයෙන් පාලකයින් සහ වෘත්තීයවේදීන් නම්මාගෙන වෙනත් රටවල් සූරාකෑම චීනයේ ක්‍රමවේදය බව මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් පවසයි. 

“චීනෙ ක්‍රමවේදය තමයි ලොක්කා සල්ලිවලට ගන්නවා. එතකොට පොඩ්ඩො නිකම්ම එනවා. ඕක තමයි ක්‍රමවේදය. දැන් ඔබට මොනවාහරි දෙයක් කරගන්න ඕනෙ නම් අත යටින් අත උඩින් කොහොමහරි ගනුදෙනුව කරගත්තාම වැඩේ තමන්ගෙ අතට එනවා. ඒ විදියට තමයි ක්‍රමවේදය යන්නෙ. 

මේක ඉතාමත්ම අශීලාචාර අක්‍රමවත් අවිධිමත් නීතිවිරෝධී ක්‍රමවේදයක්. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවෙම තියෙනවා රාජ්‍ය සමාගම් රට තුළ හෝ පිටරට ආයෙ කොමිෂන් දෙන්නෙ නෑ. නමුත් චීනයෙ තියෙන ලොකුම දේ තමයි ඔබ 15%ක් කොමිස් ඉල්ලුවොත් ඒ 15%ම වුණත් දෙනවා. එතකොට හිතාගන්නකො. 

දැන් හොඳම උදාහරණෙ අපෙ රටේ තියෙනවානෙ ගල් අඟුරු විදුලි බලාගාරයක්, කොහෙද තියෙන්නෙ නොරොච්චෝලේ. ඒකෙන් මෙගාවොට් කීයක විදුලියක් උත්පාදනය වෙනවාද, 300යි කියලා තමයි කියන්නෙ. ඒත් සත්‍ය ලෙසම ටර්බයින් වලින් නිෂ්පාදනය වෙන්නෙ 270යි. ඒකෙනුත් 30ක් අඩුයි. ඇයි ? නියම තත්වයෙන් යුත් ටර්බයින් ගෙනාවොත් කොමිස් ටික දීගන්න බැරිවෙනවා. ඒ නිසා ඊට පල්ලෙහා මට්ටමේ එකක් ගේනවා. 

අපෙ සාමාන්‍ය ජනතාව කිසිම දෙයක් ගැන දන්නෙ නෑ. අපි විශ්වාස කරන්නෙ දේශපාලකයයි ඉංජිනේරුවායි. උන් දෙන්නාටම කොමිස් දුන්නා නම් … ඕක තමයි වෙන්නෙ” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.  

මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් මේ බව පැවසුවේ පෙරේදා (28) රිදීගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. 

RN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *