කිරින්දේ පිහිටි ඛනිජ වැලි නිධිය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය වන්නේ ජනතාවගේ ස්ථාවරයම බවත් එය ලබාදෙන්නේ ඉන්දියාවටද චීනයටද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තමන්ට නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“කිසිසේත්ම ඉන්දියානු සමාගමකට මේ අයිතිය දීමේ තීන්දුවක් අපි අරගෙන නෑ මේ වෙනතෙක්. ඒ ගම්වල ගමේ අයගේ සමූපකාර සමිතියක් තියෙනවා පවුල් 1800ක් විතර. ඒ අය දැනට ජනාධිපතිතුමාට ඡන්දෙ වෙලාවෙත් ඉන් අනතුරුවත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ අයට ඒ අවසරය ලබාදෙන්න මේවා එකතු කරන්න. එකතු කරලා විකුණන්න ඉන්දියන් සමාගමට කියන එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව තියෙන්නෙ.
ඉන්දියාවද චීනයද කියලා ප්‍රශ්නයක් නෙවෙයි අපේ තියෙන්නෙ. ජනතාව කොතනද ඉන්නෙ, ජනතාවත් එක්ක තමයි අපි ඉන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
RN