කොවිඩ් 19 තුන්වන රැල්ල ගැන අනතුරු ඇඟවීමක්

Spread the love





ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. 

ගෙවුණු සති දෙක තුන තුළ ජනතාවගේ හැසිරීම අනුව එනම් කඩ සාප්පු වෙත යාම,වෙළෙඳ සැල් තුළ පිරී සිටින ආකාරය දෙස බලු විට එවැනි අවදානමක් හඳුනා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙන්නේ. 

එවැනි තත්ත්ව 100%ක් පාලනය කළ නොහැකි වුවද මෙම අවුරුදු සමය ඉතාම සෞඛ්‍යාරක්ෂිතව සැමරීම සඳහා මාර්ගෝපදේශ සහිත උපදෙස් මාලාවක් අද (01) දිනයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අවුරුදු උත්සව පැවැත්වීමද සිමා කිරීමට බලාපොරොත්තු වන අතර කණ්ඩායම් වශයෙන් ඒකරාශී වන ක්‍රීඩා හැර තනිව කළ හැකි ක්‍රීඩා සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවද හෙතෙම පවසයි. 

ASK


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: