කුවේට් ඉඳලා ඇවිත් ලක්ෂ 03 ක් ගෙවලා නිරෝධායනය වෙලා හමුදාවෙන් ගුටිත් කාලා !

Spread the love





කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණ ‍බෙන්තොට ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හමුදා නිළධාරියෙකුගේ පහරකෑම හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ පිළිබඳව නාගොඩ රෝහල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

වාරියපොල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කුවේට්හි සිට පැමිණීමෙන් පසුව නිරෝධායනය වීම සඳහා අදාල හෝටලයට යොමුකර ඇති අතර ඒ සඳහා රුපියල් 290,000 කට අධික මුදලක් හෝටලයට ගෙවා තිබෙනවා. කෙසේ නමුත් අදාල මුදලට සරිලන සේවාවක් හෝටලයෙන් ලැබී නොමැති අතර මෙම පුද්ගලයා ඒ සම්බන්ධයෙන් හෝටල් බළධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් එම හෝටලය භාරව සිටි හමුදා නිළධාරියෙකු විසින් ඔහුට පහර දී ඇති අතර එම පහරදීම හේතුවෙන් ඔහුගේ කන් බෙරයට හානි සිදුව ඇති බවයි නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ. කෙසේ නමුත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් මේ වනවිට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් රෝහල් බළධාරීන් පවසනවා.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: