ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතන්ගෙන් අගමැතිට සන්දේශයක්

Spread the love





ලංකාවේ සිටින ලක්ෂ 24 ක් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූ කාන්තාවන් වෙනුවෙන් හිඟුරක්ගොඩදී ආරම්භ වූ සත්‍යග්‍රහයට සහාය පළ කිරීමේ අගනුවර උද්ඝෝෂණය ඊයේ පැවැත්විණි.

මේ ස ඳහා වෘත්තීය සමිති, ධීවර සමිති, සිවිල් සංවිධාන. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පාර්ශව ගණනාවක විරෝධතාකරුවෝ එක් වී සිටියහ.

විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ වූ විරෝධතා පා ගමන ඔවුන්ගේ නියෝජිතයන් විසින් අගමැති කාර්යාලය වෙත සිය ඉල්ලීම් භාරදීමත් සමග අවසන් විය. 

කෙසේ නමුත් සංදේශය භාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වූ ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස ප්‍රකාශ කළේ, රජය සිය ඉල්ලීම්වලට විස ඳුම් ලබාදෙන තෙක් හිඟුරක්ගොඩ පවත්වන සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න 

සියලු ඡායාරූප බලන්න මෙතන Click කරන්න.


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *