එරික් පෙරේරා මාරු කළේ අරුන්දිකගේ හෙංචයියන්ට මත්පැන් ජාවාරම් කරන්න ඉඩ නොදුන් නිසාද ?

Spread the love





වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට ලබාදුන් ස්ථාන මාරුව පිළිබඳව සෘජුව චෝදනා එල්ල වී තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටයි. අමාත්‍යවරයාගේ බලපෑම මත එරික් පෙ‍රේරා මහතා මාරුකර යවා ඇති බවට බොහෝ දෙනා චෝදනා කරන අතර ඊට අදාලව අරුන්දික ප්‍රනාන්දු මහතා යැවූ බව කියන ලිපියක්ද ප්‍රසිද්ධ කර තිබෙනවා.

මේ අතර වෙන්නප්පුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඔවුන් දෙදෙනා අතර සිදු වූ කතාබහක හඬපටයක්ද මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වේ. එහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ කුඩා පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරන පුද්ගලයන්ට, වෙනත් විකල්පයක් හඳුන්වා දෙනතුරු එම ජාවාරම් කරගෙන යාමට ඉඩ දියයුතු බවයි. කෙසේ නමුත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඊට විරෝධය පළකරමින් පවසන්නේ කුමන ආකාරයෙන් හෝ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදු කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

එසේම කුඩා පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් මත්පැන් ජාවාරම් සිදු කරන පුද්ගලයන් වෙන්කළ නොහැකි බවද ඔහු පවසනවා.

මෙම සංවාදය සිදුවන්නේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. එරික් පෙරේරා මහතා මාරු කරන්නැයි අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා ලිපියකින් ඉල්ලා සිටින්නේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *