එදා සුනාමියෙන් කිරින්ද බේරුනේ වැලි වැටිය නිසා, අද ආණ්ඩුව ඒකටත් කෙළ හලනවා

Spread the love





2004 වසරේ සුනාමි ව්‍යසනය සිදු අවස්ථාවේදී කිරින්ද, මාගම්පුර, අන්දරයාය ප්‍රදේශ ආරක්ෂා වූයේ මුහුදු තීරය දිගට ඇති වැලි වැටිය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම වැලි වැටිය විකිණීමට සූදානම් වූ අවස්ථා කිහිපයකදී තමා මැදිහත් වී එම උත්සාහය ව්‍යවර්ථ කළ බවත්, වත්මන් ආණ්ඩුව නැවතත් එම වැලි වැටියට කෙළ හලමින් සිටින බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.

මෙම වැලි වැටිය අහිමි වුවහොත් එම ප්‍රදේශයේ ජීවත් වන ගොවි ජනතාවගේ ගොවිබිම් සියල්ලම මුහුදු සුළං හරහා පැමිණෙන කරදිය හේතුවෙන් විනාශ වන බවයි විපක්ෂ නායකයා අවධාරණය කරන්නේ.

සිංහරාජය, හෝර්ටන් තැන්න, නක්ල්ස් කඳුවැටිය, ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීම සඳහා විවිධ ව්‍යාපෘති දියත් කරමින් සිටින වත්මන් ආණ්ඩුව කිරින්ද ආශ්‍රිතව පිහිටා තිබෙන ස්වභාවික වැලි වැටියටද අත තැබීමට සූදානම් වන බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

ඊයේ (28) හම්බන්තොට සිසිලසගමදී පැවති 64 වෙනි ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *