Spread the love
උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිගයකින් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
සතොස හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12 ඇතුළත් පාර්සලයක් රුපියල් 1000 ක සහන මිලකට ලබාදීමටද කටයුතු කර තිබෙනවා. එම වැඩපිළිවෙල අද (01) ජා-ඇලදී ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
දැනට වෙළඳපොලේ අලෙවි වන පොල්තෙල් සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර නොගත යුතු බවත්, ගැටලු මතු වූ පිළිකාකාරක සහිත පොල්තෙල් වෙළඳපොලට නිකුත් කර නොමැති බවත් ඇමතිවරයා සඳහන් කරනවා.
UN