ඇක්සිඩන්ට් එක වළක්වා නොගත්ත මිනිහට දඬුවම් කරනවා වගේම ඇක්සිඩන්ට් එක කරපු මිනිහට දඬුවම් කරන්න ඕන නැද්ද ? (Video)

Spread the love





සහරාන්ලාට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් රට අස්ථාවර වූයේ දින 52 කුමන්ත්‍රණය නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් පොලිස් මුරපොලේ සේවය කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ බවත්, එම ඝාතනය සිදුකළේ සහරාන් කල්ලිය විසින් බව මේ වනවිට තහවුරු වී ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙම ඝාතනය එල්ටීටීඊ සංවිධානය මත පැටවීමට එදා දින 52 කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

සහරාන් කල්ලිය අත්අඩංගුවට ගැනීම සූදානම් වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා අභූත චෝදනා එල්ල කරමින් හිරේ දැමූ බවත්, ඒ සඳහා නාමල් කුමාර නාටකයක් නිර්මාණය කළ බවත් පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ සියල්ල දින 52 කුමන්ත්‍රණයේ ප්‍රතිඵල බවයි.

ඇක්සිඩන්ට් එකක් සිදු වූ විට ඇක්සිඩන්ට් එක වළක්වා ගැනීමට අසමත් වූ පුද්ගලයන් මෙන්ම ඇක්සිඩන්ට් එක සිදුකළ පුද්ගලයන්ද අත්අඩංගුවට ගතයුතු බව ඔහු පවසනවා.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *