ආචාර්ය හර්ෂ කබ්රාල් හැටන් නැෂනල් බැංකුවේ නව වැඩබලන සභාපති ලෙස පත්වෙයි

Spread the love





කීර්තිමත් නීතීඥයකු වන ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා හැටන් නැෂනල් බැංකුවේ නව වැඩබලන සභාපති ලෙස පත්වී තිබේ.

ඒ අද (30) දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි හිටපු සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරින් ඉවත්වීමෙන් අනතුරුවයි.

එමෙන්ම, කොටස් පිරවීමේ කටයුතු වලදී හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා නැවත නිලවරණයක් වෙත ඉදිරිපත් නොවන බවද කොළඹ කොටස් වෙළඳපළ වෙත දන්වා තිබේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණ නීතීඥයකු වන ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ටෝකියෝ සිමෙන්ට් පීඑල්සී හි සභාපති වශයෙන් ද කටයුතු කරයි. එමෙන්ම විධායක නොවන අංශයේ අධ්‍යක්ෂක තනතුරු කිහිපයක් ද ඒ මහතා විසින් හොබවනු ලබයි.


ආචාර්ය හර්ෂ කබ්රාල්

ලංකාවේ විශාලතම වාණිජ බැංකු දෙක වන කොමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වන්නේ 2017 වර්ෂයේදී වන අතර එහි සභාපති ලෙස තේරී පත්වෙන්නේ 2018 වර්ෂයේදී යි. 2003 – 2011 කාලය තුළ ඩීඑෆ්සීසී බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කළ ඒ මහතා වර්තමානයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ (ICCSL) සභාපති වශයෙන් කටයුතු කරයි. එමෙන්ම විධායක නොවන අංශයේ අධ්‍යක්ෂකධුර කිහිපයක්ද ඒ මහතා විසින් හොබවනු ලබයි.


දිනේෂ් වීරක්කොඩි

හැටන් නැෂනල් බැංකුවේ විශාලතම තනි කොටස් හිමිකාරීත්වය පවතින්නේ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා වෙත ය. ඡන්ද ප්‍රකාශිත කොටස් 17.85% ක පාලනයක් ඒ මහතා සතු මුත් එය 10% කට සීමා බව සඳහන්. 

ඡන්ද ප්‍රකාශිත කොටස් වල 25% ක පමණ පාලනය රජය සතු ආයතන විසින් සිදුකරන කරන මුත්, එය 10% කට සීමා නොවන බවද සඳහන්. කොමර්ෂල් බැංකුවට පසු ලංකාවේ තිබෙන විශාලතම වාණිජ බැංකුව හැටන් නැෂනල් බැංකුව ලෙස සැලකේ. 

හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සමඟ නිලයෙන් විශ්‍රාම ගත් තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වූයේ නිලන්ත ද සිල්වා සහ ඩී සූසපිල්ලෙයි යන මහත්වරුන් ය. හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස ජොනතන් ඇල්ස් මහතා කටයුතු කරන අතර, ඔහුද මෙම වසරේදී විශ්‍රාම යාමට නියමිත බවයි ආරංචිමාර්ග පැවසුවේ. 


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *