අයාලේ යන බල්ලන්ගෙන් සිසුවාට බේරෙන් බැරි වේ

Spread the love

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාල තුළදී  අයාලේ යන බලු රංචුවක් සපා කෑ එහි පළමු ශ්‍රේණියේ සිසුවකු බරපතල තුවාල ලබා මාතලේ මහ රෝහලට අද (29) දහවල් ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම සිසු දරුවා පාසල් භූමියේ සෙල්ලම් කරමින් සිටියදි අයාලේ යන බල්ලන් කිහිප දෙනකු වටකරගෙන සපා  ඇති අතර ඒ අවස්ථාවේදි ඒ ආසන්නයේ සිටි  කිහිප දෙනකු පැමිණ මහත් පරිශ්‍රමයක් දරා සිසුවා බේරාගෙන රෝහල්ගත කිර ඇත.

මේ සම්බන්ධයෙන් විදුහල්පති චාන්දනි වැලිකන්නගේ මහත්මියගෙන් කළ විමසීමේදී කියා සිටියේ පාසල් භූමියේ අයාලේ යන බල්ලන් පිළිබදව අවස්ථා කිහිපයකදි අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.

 

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *